සටහනේ අන්තර්ගතය
නිවන් මඟ කළ එළි කර ගන්නට උත්සාහ කරන , බුදු දහමට තරමක් ආධුනික මට්ටමේ සිටින , මේ යහපත් වූ ගැඹුරු දහම් විමසන්නට ඉතාමත් කැමැත්තෙන් සිටින පිරිස නිතරම අහන ප්‍රශ්න තියෙනවානේ. සමහර ප්‍රශ්න ඉතින් , සෘජුවම ප්‍රතිපදාවට හෝ සත්‍යාවබෝධයට සම්බන්ධ නැති වුවත් තමන් මේ බැස ගන්න යන්න සාගරය ගැන යම් තාක් දුරකට අදහසක් ගන්නට උපකාර වෙනවා. ඉතින් , අන්න ඒ වගේ දැන ගෙන සිටීමේ වරදක් නැති , තමන්ගේ ගමන සකස් විය යුතු ආකාරය ගැන අදහසක් ගැනීමට හැකි ආකාරයේ ප්‍රශ්නයකට ඉතාමත් සාරාංශගතව පිළිතුරක් ලබා දීමට මෙවර කතු වැකිය වෙන් කරන්නට සිතුවා.
අපි මෙවර කතු වැකිය තුලින් අපගේ මේ ගමන සකස් වී ඇති ආකාරය ගැන කතා කරමු. ඒ කියන්නේ අපේ විමුක්තිය දක්වා වූ අපේ ගමනේ සිතියම මොන වගේ ද කියලා ඉතාමත් කෙටියෙන් වටහා ගනිමු.